පහුගිය කාලේ රෝගීන් අඩු වුණේ PCR අඩු කළ නිසයි…! අලුත් කොවිඩ් ප්‍රභේදයක් රටට පැමිණි කතාව බොරුවක්…! රවී කුමුදේශ්…

April 24, 2021 at 6:11 pm | by emanisa.lk

පසුගිය සමයේ වාර්තා වන රෝගීන් ප්‍රමාණය අඩු වූයේ සිදුකළ PCR ප්‍රමාණය අඩු කිරීම නිසා මිස කිසිදු පිළිගත හැකි විද්‍යාත්මක හේතුවක් නොවන නිසා බව වෛද්‍ය රසායනාගාර වෘත්තිකයින්ගේ විද්වත් එකමුතුවේ සභාපති රවී කුමුදේශ් පවසයි.

තමන් PCR ප්‍රමාණය වැඩි කරන ලෙස ඉල්ලා සිටිය ද සෞඛ්‍ය බලධාරීන් උද්දච්ච ලෙස එය ප්‍රතික්ෂේප කළ බවත් ඔහු සඳහන් කරයි.

අද වන විට ආසාදිතයින් බහුල වී ඇත්තේ එදා නිසි ලෙස PCR ප්‍රමාණය ඉහළ නොදැමූ නිසා බව ද රවී කුමුදේශ් ප්‍රකාශ කරයි.

අලුත් කොවිඩ් ප්‍ර භේදයක් රටට පැමිණ ඇති බවට සහ එය වේගයෙන් පැතිරෙන බවට සෞඛ්‍ය බලධාරීන් සිදුකරන ප්‍රකාශ පිළිගත නොහැකි බව පවසන කුමුදේශ් වැඩි දුරටත් සඳහන් කරන්නේ මාර්තු අග සහ අප්‍රේල් මුල PCR ප්‍රමාණය පහත දැමීම නිසා මෙලෙස ආසාදිතයින් වැඩි වී ඇති බවත් ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *