රට තුළ කොවිඩ් අධිවසංගත තත්ත්වයක් ඇති වෙලා….! අප්‍රිකානු නව ප්‍රභේදය ඇවිත් ද දන්නේ නෑ…! – හරිත අලුත්ගේ..

February 10, 2021 at 8:07 am | by emanisa.lk

මෙරට දෛනික PCR පරීක්ෂණ ප්‍රමාණයට සාපේක්ෂව ආසාදිතයින් හඳුනාගැනීමේ ප්‍රතිශතය පළමු වතාවට 7.2 කරා පැමිණ ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක, වෛද්‍ය හරිත අලුත්ගේ පවසයි.

ඊටත් වඩා ඉතා ම ඉහළ අගයක් ඇතැම් ප්‍රදේශවලින් වාර්තා වන බැවින් එම ප්‍රදේශ දැනටමත් කොවිඩ් අධිවසංගත තත්ත්වයක් කරා ගමන් කරමින් ඇතැයි ඔප්පු වී ඇති බවත් ඔහු අනාවරණය කළේ ය.

“පළවෙනි වතාවට PCR පොසිටිව් රේට් එක 7.2% දක්වා ගමන් කරලා තියෙනවා. සමහර තැන්වල මේක 15%, 20%, 25%, 30%ට පවා ගමන් කරන තැන් තියෙනවා. අධිවසංගත තත්වයක් කරා ඒ ප්‍රදේශ ගමන් කරමින් ඉන්නවා කියන එක මේ හරහා ඔප්පු වෙලා තියෙනවා.

දැන් හොඳම උදාහරණය කුරුණෑගල අඹන්පොල විවාහ මංගල්‍ය උත්සවයේ දී අලුත් ප්‍රභේදයක්ද මේ මතුවෙලා තියෙන්නෙ කියන එක අඹන්පොල ආශ්‍රිතව අපි හොයලා බලන්න ඕනෙ. දැන් දකුණු අප්‍රිකාව ඇස්ට්‍රසෙනිකා එන්නත භාවිත කිරීම තාවකාලිකව අත්හිටෙව්වා, දකුණු අප්‍රිකාවෙ වාර්තා වෙච්ච අලුත් ප්‍රභේදයට ඇස්ට්‍රසෙනිකා එන්නතෙන් ඔරොත්තු දීමක් වෙන්නෙ නැහැයි කියලා.

එතකොට අපි දන්නවාද දැන් දකුණු අප්‍රිකානු ප්‍රභේදය අපේ රට ඇතුළට ඇවිල්ලාද කියලා? එහෙම දැනගන්න අපට පහසුකම් තියෙනවද? ඒ එකක්වත් නෑ. දැනට අපි ජයවර්ධනපුර රසායනාගාරයට සාම්පල් කිහිපයක් යවලා බැලුවායි කියලා රටේම තත්ත්වය පිළිබඳ හරි අවබෝධයක් ලබාගන්න බෑ.”

වෛද්‍ය හරිත අලුත්ගේ මේ බව පැවසුවේ ඊයේ (09) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස