කොවිඩ් මර්දන එන්නත ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය හිමිව ඇත.
ඒ සඳහා සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි ඉදිරිපත් කළ කැබිනට් සංදේශයට විශේෂ කැබිනට් රැස්වීමේ දී අනුමැතිය හිමිව තිබේ.
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව, සිනොවැක් බයෝටෙක් සහ කෙලුන් ලයිෆ්සයන්සස් සමාගම එක්ව කොරෝනා මර්දන එන්නත ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කිරීමට එමගින් යෝජනා කර ඇත.