ආණ්ඩුව ලෝකේ වටේ වැක්සිං හිඟා කනවා….! නම්බුකාර අපට හරි ම ලැජ්ජයි….! – ජවිපෙ

January 31, 2021 at 10:14 pm | by emanisa.lk

කොරෝනා මර්දනය සඳහා එන්නත් හිඟා කන තැනට ලංකා ආණ්ඩුව වැටී ඇතැයි ජවිපෙ නායක අනුර දිසානායක පවසයි.

“Sorry කවුද දිනුම්?” සම්මන්ත්‍රණයකට එකතු වෙමින් ඔහු මේ බව සඳහන් කළේ ය.

“කොවීඩ් වැක්සින් එක ගේන්න ආණ්ඩුවට සල්ලි  නෑ. ඉන්දියාවේ විදේශ ඇමැත හමු වුණා ම අහනවා අපට වැක්සින් ටිකක් දෙන්න බැරි ද? චීන තානාපති ළඟට ගිහින් අහනවා අපට ටිකක් දෙන්න බැරි ද? WHO එකෙන් අහනවා අපට ටිකක් දෙන්න බැරි ද?

හදවත් සැත්කමක් කරගන්න සල්ලි නැති වුණා ම ස්පීකරයක් බැඳගෙන පොළේ ආධාර එකතු කරන එකයි, මේ ආණ්ඩුව වැක්සිං එකක් ගේන්න බැරි වුණා ම රටවල් ගාණේ වැක්සිං හිඟා කන එකයි අතර වෙනස මොකක් ද? දෙක ම එකයි.

කීය ද වැක්සිං එකට යන්නේ කෝටි දාහයි. කෝටි දාහක් හොයා ගන්න බැරි ද? පුළුවන්. හැබැයි ජනතාව සුවපත් කිරීම ඒගොල්ලගේ වැඩේ නෙමෙයි.”

කෙසේ වුව ද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජවිපෙ දේශපාලන බලමණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති පසුගිය සමයේ ප්‍රකාශ කළේ තමන්ගේ ඇඳුම් පැළඳුම් බේත්හේත් කොණ්ඩ කැපීම ආදී සියල්ල විවිධ අයගේ පරිත්‍යාග බව ය. මංගල උත්සවයකට සහභාගී වී මඟුලකට අත්සන් කළ විට මනමාල ජෝඩුව තමන්ට මුදලක් ලබා දෙන බව ය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස