ශ්‍රී ලංකාවට පනවා ඇති සංචාරක තහනම ඉවත් කරන්න! අගමැති විදෙස් තානාපති සහ කොමසාරිස්වරු හමුවී ඉල්ලයි!

May 25, 2019 at 12:48 pm | by admin

ශ්‍රී ලංකාව වෙත පනවා ඇති සංචාරක තහනම් නියෝග ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විදේශීය තානාපතිවරුන් හා මහ කොමසාරිස්වරුන්ගෙන් ඉල්ලා සිටියේය.

ශ්‍රී ලංකාවේ සිටින විදේශීය තානාපතිවරුන් හා මහ කොමසාරිස්වරුන් සමග ඊයේ (24දා) සන්ධ්‍යාවේ අරලියගහ මන්දිරයේ පැවති විශේෂ සාකච්ඡාවකදී අගමැතිවරයා මෙම ඉල්ලීම කළේය.

එහිදී ආරක්‍ෂක අංශ විසින් වර්තමාන ආරක්‍ෂක තත්ත්වය සහ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ පැවැත්වෙන පරීක්‍ෂණවල ප්‍රගතිය පිළිබඳව කරුණු ඉදිරිපත් කර තිබේ. එදිනෙදා ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත්වී ඇති බව සහ උපරිම ආරක්‍ෂක විධිවිධාන ක්‍රියාත්මක වන බව ද හෙතෙම පෙන්වා දුන්නේය.

කෙසේ වුවද විදෙස් මාධ්‍යවේදියකු මෙයට පෙර අගමැතිවරායාගෙන් මේ පිළිබඳ විමසූ විට කියා සිටියේ ලංකාවේ සංචාරය කරන්නේ ද නැද්ද යන්න ඒ ඒ රටවල් තීරණය කළ යුතු බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස