ශ්‍රීලනිපය පළාත් සභා ඡන්දයට බුලත් කොළයෙන්…! දයාසිරි දුමින්ද මහ ඇමැති තරඟයට සූදානම්…!

October 23, 2021 at 2:58 pm | by emanisa.lk

ඉදිරි පළාත් සභා මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොදුජන පෙරමුණෙන් වෙන්ව තරඟ වැදීම සඳහා තීන්දු කර ඇතැයි වාර්තා වෙයි.

ඒ අනුව ශ්‍රීලනිපය තවත් කුඩා පක්ෂ කිහිපයක් සමග එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ බුලත් කොළයෙන් තරඟ වදිනු ඇත.

එහි දී වයඹ පළාත් මහ ඇමැති ධූරය සඳහා දයාසිරි ජයසේකර ද උතුරු මැද පළාත් මහ ඇමැති ධූරය සඳහා දුමින්ද දිසානායක ද තරඟ වදිනු ඇත. සෙසු පළාත් සභා සඳහා ඉදිරියේ දී අපේක්ෂකයින් නම් කරනු ඇත.

ආණ්ඩුව මේ වන විට ජනතා අප්‍රසාදයට ලක්ව ඇති බවත් ඒ පව් සඳහා තමන් කරගැසිය යුතු නැති බවත් එම පක්ෂ සාකච්ඡාවල දී අවධාරණය කෙරී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස