රට පුරා කොරෝනා පැතිරුණේ පළාත් සභා නැති නිසයි…! පළාත් සෞඛ්‍ය ඇමැතිලා 09 හිටියා නම් කොරෝනා නෑ! – දයාසිරි…

December 31, 2020 at 1:40 pm | by emanisa.lk

පළාත් සභා අක්‍රීය වීම රට පුරා කොරෝනා පැතිරීමට බලපෑ බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පවසයි. ඊයේ පැවැති ශ්‍රීලනිප මධ්‍යම කාරක සභා රැස්වීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේ ය.

“ඇත්ත වශයෙන්ම පළාත් සභා දැන් තියෙනවා. පළාත් සභාව නැතුව නෙමෙයි. පළාත් සභාවේ ජනතා නියෝජනය නෑ. අද පළාත් සභාව ක්‍රියාත්මක වෙන්නේ නිලධාරීන් අතින්.

ඒ නිසා අපි යෝජනාවක් විදියට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා රජයට පසුගිය පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරුන් නැවත සක්‍රීය කිරීමේ ක්‍රියාවලියක් ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් මේ මැතිවරණය හැකිළීම තුළ වෙලා තියෙන්නේ අවුරුදු ගානක් පළාත් සභාව තුළ ජනතා නියෝජනයක් නැති තත්ත්වයකට මේක පත්වෙලා.

ඇත්ත වශයෙන් අද ගත්තොත් අධ්‍යාපනයේ අතිබහුතරයක් පාසල් තියෙන්නේ පළාත් සභාවේ. සෞඛ්‍ය අංශය තියෙන්නේ අතිබහුතරයක් පළාත් සභා යටතේ. සෞඛ්‍ය අමාත්‍යවරු හිටියා නම් පළාත් සභාවේ මේ කොවිඩ් තත්ත්වය මීට වඩා සමනය කරන්න පුළුවන් තත්ත්වයක් ඇති කරන්න පුළුවන්. ඒ නිසා මේ ක්‍රමය පවත්වා ගෙන යා යුතුයි.

එම ක්‍රමය පවත්වාගෙන යනවා වගේ ම ජනතා නියෝජිතයින් පළාත් සභා ඇතුළේ සක්‍රීය කිරීම අත්‍යාවශ්‍ය කාරණයක් වෙලා තියෙනවා. ඒ නිසා මේ වැඩපිළිවෙළ ආණ්ඩුව සමග සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස