අගමැති පුත් යෝෂිත පරදා වයඹ ජනතාව මා මහ ඇමැති වෙන්න සූදානම්…! – දයාසිරි…

October 13, 2021 at 8:48 pm | by emanisa.lk

වයඹ පළාතේ ඉපදී හැදී වැඩුනු තමන්ට වයඹ මහ ඇමති සටනේ දී අග්‍රාමාත්‍යවරයාගේ පුත් යෝෂිත රාජපක්ෂ කිසිදු ආකාරයක අභියෝගයක් නොවන බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පවසයි.

අද (13) කුරුණෑගල පැවති රැස්වීමකට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

“ඔය කියන කවුරුත් වයඹ පළාතේ ඉපදුනු මට අභියෝගයක් නොවෙයි. වයඹ පළාතේ ජනතාව එදා වගේ ම අදටත් මට හොඳින් සලකනවා. ඒ නිසා මේ පළාත් සභා මැතිවරණයේදීත් වයඹ ජනතාව මට හොඳින් සලකයි කියලා මම විශ්වාස කරනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *