ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉවත් වී සමගි ජන බලවේගයට එක්වන සූදානමක්?

December 20, 2020 at 9:44 am | by emanisa.lk

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රධාන හවුල්කාර පක්ෂයක් වන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය එම සන්ධානයෙන් ඉවත්ව වෙනම කටයුතු කිරීම සඳහා අභ්‍යන්තර සාකච්ඡාවක නිරත වෙමින් සිටින බව ඉරිදා දිවයින අනාවරණය කරයි.

එම පක්ෂයේ ඉහළ නායකයන් මේ වන විට මේ සම්බන්ධයෙන් අවස්ථා ගණනාවක දී සාකච්ඡා කර ඇති අතර එහි දී ආණ්ඩුව තම කණ්ඩායමට දක්වන නො සැලකිල්ලට යම් රැඩිකල් ප‍්‍රතිචාරයක් දැක්විය යුතු බව බහුතරයේ කැමැත්ත වී ඇතැයි වාර්තා වේ.

පාස්කු ඉරිදා ප‍්‍රහාරය පිළිබඳව විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමේ විමර්ශන කටයුතු අවසන් නොවීම ඉහත තීරණය ගැනීම ප‍්‍රමාද කිරීමට හේතුවක් වී ඇති බවත් එම කොමිසමේ අවසන් විමර්ශන වාර්තාව අනුව ඉදිරි තීරණ ගැනීමට නියමිත බවත් පැවසෙයි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත්ව සමගි ජන බලවේගය සමඟ එක්වීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා වී ඇති බවත් එම ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *