එළඹෙන මහ මැතිවරණය වෙනුවෙන් ගොඩනඟන සන්ධානයේ 30%ක නාම යෝජනා කෝටාවක් ශ්‍රීලනිපයට ඉල්ලා සිටීම අසාධාරණ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක පවසයි.
එසේ ශ්‍රීලනිපයට 30%ක කෝටාවක් ලබා දුනහොත් දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ට ද නාම යෝජනා ලබා දිය නොහැකි තත්ත්වයක් උදාවන බව ඔහු පෙන්වා දෙයි.
හම්බන්තොටට ලැබෙන්නේ නාම යෝජනා 10ක් පමණක් බවත් ඉන් 30%ක් ශ්‍රීලනිපයට ලබා දුනහොත් තම මන්ත්‍රීවරුන්ට ද නාම යෝජනා දිය නොහැකි වන බව ඔහු නිදසුනක් ලෙස පෙන්වා දෙයි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ කශේරුකාව තවම ශක්තිමත් නම් හම්බන්තොටින් තරඟ කරන ලෙස තමන් අභියෝග කරන බවත් තමන් පාර්ලිමේන්තුවට එන්නේ ඔහුට වඩා එක මනාපයක් හෝ ලබා ගෙන බවත් මන්ත්‍රීවරයා අවධාරණය කරයි.