ශ්‍රිලනිපය රකින්න ගෙනා මිනිහා පක්ෂය වැනසුවා! දැන් පක්ෂ තියෙන්නේ සොහොන් වළ ළඟ! – චන්ද්‍රිකාගෙන් මෛත්‍රීට කුණු බැනුමි….

September 27, 2020 at 2:44 pm | by emanisa.lk

ශ්‍රිලනි පක්ෂය රැක ගැනීම සඳහා මිනිහෙක් ගෙනැවිත් දැමුව ද ඔහු  පක්ෂය සී සීකඩ කඩා දැමු බවට හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග චෝදනා කරයි.

එසේ ඇය ගෙනත් දැම්ම මිනිසා ලෙස හැඳින්වූයේ හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේනය.

ශ්‍රීලනිපය අන් පක්ෂ මෙන් පවුලේ බුදලක් බවට තමා පත් නොකළ බවද පවසන හිටපු ජනාධිපතිනිය කිසිවිටෙකත් තමා පවුලේ උදවිය දමා පක්ෂය ඉදිරියට ගෙන යාමට කටයුතු නොකළ බවද පෙන්වා දෙයි.

ශ්‍රීලනිපය දැන් තිබෙන්නේ වළ පාමුල බවද ඇය වැඩිදුරටත් සඳහන් කරයි.

හිටපු ජනපතිනිය මෙම අදහස් පළ කළේ ඊයේ (26) දිනට යෙදී තිබුණු ශ්‍රීලනිපයේ නිර්මාතෘ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායකගේ 61 වැනි ගුණානුස්මරණය නිමිත්තෙන් පැවති උත්සව අවස්ථාවට පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස