ශක්තිමත් ආණ්ඩු බලයක් ලැබෙන මැතිවරණ ක්‍රමයක් ඕන…! යහපාලන ආණ්ඩුවේ මුස්ලිම් බලය ත්‍රස්තවාදයට රුකුලක් වුණා…! – පාස්කු කොමිසමෙන් අනාවරණයක්….

February 25, 2021 at 11:23 pm | by emanisa.lk

මහ මැතිවරණයක දී 50% වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබාගන්නා පක්ෂයකට වැඩි බහුතරයක් ලැබෙන මැතිවරණ ක්‍රමයක් නිර්මාණය කළ යුතු බව පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාව සිය වාර්තාවෙන් නිර්දේශ කර ඇත.

ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීමට ස්ථාවර රජයක් අත්‍යවශ්‍ය බව ද එම වාර්තාවේ සඳහන් වේ.

මැතිවරණයට නාමයෝජනා පත්‍ර ඉදිරිපත් කරන ප්‍රදේශයෙන් සුළුතර කණ්ඩායම්වල අපේක්ෂකයන් සංඛ්‍යාවක් දේශපාලන පක්ෂවලට සිටිය යුතු යයි ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වෙනත් පක්ෂයකට බැඳීම තහනම් කළ යුතු යයි ද කොමිසම නිර්දේශ කර ඇත.

ඉකුත් යහපාලන රජය පිහිටුවීමේ දී හා පවත්වා ගෙන යාමේ දී මුස්ලිම් දේශපාලන පක්ෂ නිරූපනය කළ වැදගත් භූමිකාව අයි. එස්. සංවිධානයෙන් එල්ල වන තර්ජන කෙරෙහි රජය දක්වන ප්‍රතිචාරය හැඩ ගැස්වීමට ඉවහල් වී ඇති බව කොමිෂන් සභා වාර්තාවේ සඳහන් වේ.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස