වෛද්‍ය සංගම් සහ භික්ෂූ බලවේග ජය ගනී…! ඔන්ලයින් අරක්කු අලෙවියට අවසර නෑ….!

June 17, 2021 at 12:05 pm | by emanisa.lk

සුපිරි වෙළෙඳසල් හරහා මත්පැන් ඔන්ලයින් ක්‍රමයට ලබාදීමේ වැඩපිළිවෙළට අවසර ලබා නොදෙන බව කොවිඩ් 19 පැතිරීම පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

මාර්ගගත ක්‍රමයට මත්පැන් අලෙවි කිරීම සඳහා සුපිරි වෙළඳසල්වලට අවසරය ලබා දෙන්නැයි සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා මුදල් අමාත්‍යාංශයෙන් පසුගියදා ඉල්ලීමක් කළේය. ඔහු එම ඉල්ලීම කර ඇත්තේ විවිධ පාර්ශ්වවලින් ලැබුණු ඉල්ලීම් සහ දීර්ඝ කාලිනව බදු ආදායම් අහිමි වීමේ අවදානම සැලකිල්ලට ගෙනය.

සංචාර නීති ක්‍රියාත්මකවන මේ කාලසීමාවේ දී මත්පැන් ඔන්ලයින් ක්‍රමයට සැපයීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළහොත් එය කොරෝනා පාලන වැඩසටහනට විශාල බාධාවක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු වෛද්‍ය ක්ෂේත්‍රයේ පිරිස් ප්‍රකාශ කළ අතර භික්ෂූන් වහන්සේලා ද ඊට එරෙහි වූහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස