අරක්කු ඔන්ලයින් මිලට ගන්න ඉඩදීමට GMOA විරෝධය…!

June 17, 2021 at 7:34 am | by emanisa.lk

කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ මත්පැන් සහ දුම්වැටි අධෛර්යවත් කළ යුතු ම තත්ත්වයක් තුළ එය ප‍්‍රවර්ධනය කිරීමට රජය කටයුතු කිරීම දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බව රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය පවසයි.

ඊයේ (16) මාධ්‍ය හමුවක අදහස් දක්වමින් හෙතෙමෙ මේ බව සඳහන් කළේය.

අරක්කු ඔන්ලයින් අලෙවියට අවස්ථාව ලබා දීමේ තීන්දුව පිළිබඳව අද (17) ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂට ලිඛිතව දැනුම්දීමට කටයුතු කරන බවත් සඳහන් කළ වෛද්‍ය පාදෙණිය එකී තීරණය ආපසු හරවා ගැනීම සඳහා ගතහැකි සෑම පියවරක් ම ගැනීමට කටයුතු කරන බව ද පැවසීය.

මත්පැන් ප‍්‍රවර්ධනය මෙම කොරෝනා සමයේ නොකළ යුතුම දෙයක් බවත් අවධාරණය කළ හෙතෙම මෙම තත්ත්වය වහාම නිවැරැදි කිරීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බවත් වැඩි දුරටත් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *