සංචරණ සීමා විහිළුක් වෙලා…! අත්‍යවශ්‍ය සේවා කියල කසිප්පුත් පෙරනවා…! ඇඳිරි නීතිය හැර විකල්පයක් නෑ….! – PHI සභාපති….

June 6, 2021 at 9:51 pm | by emanisa.lk

පවත්නා තත්ත්වය හමුවේ කොවිඩ් ආසාදිතයන් වාර්තා වීම පහළ යනු ඇතැයි බලාපොරොත්තු විය නොහැකි බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති උපුල් රෝහණ පවසන්නේ සංචරණ සීමා පැනවීම නාමමාත්‍රික තත්ත්වයට පත්ව ඇති බවයි.

අත්‍යවශ්‍ය සේවා බව පවසමින් සාමාන්‍ය දිනවල ක්‍රියාත්මක බොහෝ ක්‍රියාකාරකම් සිදුවන බවත්, අනවශ්‍ය පරිදි ජනතාව විශාල ප්‍රමාණයක් සමාජය තුළ සැරිසරමින් සිටින බවත් උපුල් රෝහණ සඳහන් කරයි. ඔහු වැඩිදුරටත් පවසන්නේ අත්‍යවශ්‍ය සේවා බව පවසමින් නීතිවිරෝධී මත්පැන් පෙරන ස්ථාන ද ක්‍රියාත්මක වන බවයි.

මෙම තත්ත්වය හමුවේ ජනතාවගේ සංචරණය සීමා වී නොමැති බවත්, වසංගත තත්වය අවම කර ගැනීම සඳහා ඇඳිරි නීතිය පැනවීම හැර වෙනත් විකල්පයක් නොමැති බවත් උපුල් රෝහණ පවසයි. ඉකුත් වර්ෂයේ ආකාරයෙන්ම ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීම ඇතුළු දැඩි තීරණවලට එළඹිය යුතු බව ඔහු පෙන්වා දෙයි.

කොපමණ කාලයක් මේ ආකාරයෙන් සංචරණ සීමා ක්‍රියාත්මක කළ ද වෛරසයේ ව්‍යාප්තිව පාලනය නොවනු ඇතැයි උපුල් රෝහණ සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *