ASP එරික් තුන් පරක් රට ගිය දූෂිතයෙක්….! ඔහුගේ දූෂණ පොතක් මං ළඟ තියෙනවා…! මං කතා කළේ සුළු පරිමාණ කසිප්පු ව්‍යාපාරිකයින් රකින්න…- අරුන්දික….

April 3, 2021 at 12:04 pm | by emanisa.lk

වෙන්නප්පුව හිටපු සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරා දූෂිතයෙක් බවත් ඔහුට නිවාස දෙකක් ඇති බවත් රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු සඳහන් කරයි.

සහකාර පොලිස් අධිකාරිවරයා පසුගිය අවුරුද්දේ තුන් පාරක් විදේශගත වී ඇති බවත් ඔහුගේ දූෂිත චෝදනා ඇතුළත් පොතක් හදා ඇති බවත් ඇමැතිවරයා පැවසීය.

එනිසා ඔහු සම්බන්ධයෙන් විනය පරීක්ෂණ කරන්නැයි පොලිසියෙන් ඉල්ලා සිටි බවත් ස්ථාන මාරුවක් සිදු කරන ලෙස සරත් වීරසේකර ඇමතිවරයාගෙන් තමන් ඉල්ලා සිටි බවත් ඇමතිවරයා කියා සිටී.

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ දී තමන් ඉල්ලා සිටියේ සුළු පරිමාණයෙන් කර කසිප්පු පෙරන අය සඳහා විකල්ප වැඩපිලිවෙළක් ඉදිරිපත් කිරීමට බවත් ඒ ඔවුන් ඉන් බේරාගැනීමට බවද ඇමතිවරයා පැවසීය.

නැවත එරික් පෙරේරා වෙන්නප්පුවට ගෙන එන ලෙස ද ඔහු එහි දී ප්‍රකාශ කළේ ය.

අන්තර්ජාල නාලිකාවක් සමග පැවති සාකච්චාවකදී ඔහු මෙම අදහස් පල කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *