කුඩා පරිමාණ කසිප්පු නීතිගත නොකළ පොලිස් අධිකාරීවරයාට ඇමැතිගෙන් මාරුවක්….!

April 1, 2021 at 7:41 am | by emanisa.lk

වෙන්නනප්පුව සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරාට ස්ථානමාරුවක් ලබා දීම සඳහා හේතු වී ඇත්තේ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු සමඟ ඇති වූ මතවාදී ගැටුමක් බව වාර්තා වෙයි.

2020 වසරේ වෙන්නප්පුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී සුළු පරිමාණ කසිප්පු පෙරන්නන් අත්අඩංගුවට නොගෙන සහනදායි පිළිවෙතක් අනුගමනය කරන ලෙස ඇමැතිවරයා කළ ඉල්ලීම පොලිස් අධිකාරීවරයා විසින් ප්‍රතික්ෂේප කිරීම ඊට බලපා ඇතැයි සමාජ මාධ්‍ය වාර්තා කරයි.

එහි දී ඇමැතිවරයාට සහකාර පොලිස් අධිකාරීවරයා මෙසේ පිළිතුරු දෙන හඬපටයක් ද නිකුත් වී තිබේ.

“ගරු ඇමැතිතුමනි රාජ්‍ය ප්‍රතිපත්තිය අනුව අපිට කසිප්පු ව්‍යාපාරය ස්වයං රැකියාවක් කරන්න බෑ. නීතියෙන් ඒක කරන්න අමාරුයි. මොකද මේක කැටගරයිස් කරන්න අමාරුයි මෙයා මහාපරිමාන කෙනා මෙයා අඩු කෙනා, මෙයාට අනුකම්පා කරන්න ඕන කියලා තීරණය කරන්න ගියොත් ඒ වාසිය සියලු දෙනා ලබා ගන්නවා.”

මෙහිදී සහකාර පොලිස් අධිකාරීවරයාගේ කතාවට ජනතාව අත්පොලසන් දෙන අතර තමන් වෙන්නප්පුවෙන් කසිප්පු අතුගා දමන බවට ද මෙහි දී සහකාර පොලිස් අධිකාරිවරයා ප්‍රතිඥා දෙයි.

කෙසේ වෙතත් පසුගිය මාර්තු 21 එරික් පෙරේරා මීගමුව සහකාර පොලිස් අධිකාරීවරයා ලෙස මාරු කර තිබේ. රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු එරික් ප්‍රනාන්දු මාරු කර යවන ලෙස ඉල්ලා යොමු කළ ලිපියක් ද පසුගියදා මාධ්‍ය වෙත මුදා හැර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *