වෛද්‍ය දීමනා වැඩි කරල…! අපට මූලික පහසුකම් පවා නෑ…! – සෞඛ්‍ය වෘත්තීය සමිති 28ක් වැඩ වර්ජනයක….

June 11, 2021 at 8:34 am | by emanisa.lk

අද (11) පෙරවරු 7 සිට දහවල් 12 දක්වා සියලු සෞඛ්‍ය සේවාවලින් ඉවත්වීමට වෛද්‍ය රසායනාගාර වෘත්තීයවේදීන්ගේ සංගමය,රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය,ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය, ශ්‍රී ලංකා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ සංගමය ඇතුළු සෞඛ්‍ය වෘත්තීය සමිති 28ක් විසින් තීරණය කර තිබේ.

මෙම වැඩවර්ජනයට හේතු වී ඇත්තේ කොරෝනා මර්දන වැඩපිළිවෙළේ සිටින සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට අවශ්‍ය පහසුකම් ලබා නොදීමය.

මේ සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යවරිය සමඟ සාකච්ජා පැවැත්වුවද අවශ්‍ය පහසුකම් ප්‍රමාණවත් ලෙස ලබා දීමට කටයුතු කර නොමැති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ගැන අදහස් දක්වමින් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය පවසයි. සංචරණ සීමා පනවා තිබෙන මොහොතක ඔවුන්ට ප්‍රවාහන පහසුකම් හෝ නොමැති බවට ඔහු චෝදනා කරයි.

පවතින තත්ත්වය හමුවේ වෛද්‍ය සේවාවේ පමණක් අතිකාල දීමනා වැඩිකර තිබෙන නමුත් සෙසු සෞඛ්‍ය සේවකයින්ට අවශ්‍ය පහසුකම් ලබා දී නැති බව සමන් රත්නප්‍රිය වැඩිදුරටත් අවධාරණය කරයි.

එමෙන්ම ප්‍රාදේශීය ලේකම්වරුන්, ග්‍රාම නිලධාරීන්, සමෘද්ධි නිලධාරීන් සහ සංවර්ධන නිලධාරීන් කොළඹ දිස්ත්‍රික්කයේ කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන්වලට සහය දැක්වීමෙන් ඉවත් වන බව ද පවසා තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස