ඩී.එස්. සිසුවෙකුට කොරෝනා…. කොට්ටාවේ ධර්මපාලේ…රාජාංගනේ සිසුන් නිරෝධායනේ!

July 26, 2020 at 12:33 pm | by emanisa.lk

අනුරාධපුරයේ ඩී. එස්. සේනානායක විදුහලේ සිසුවෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ලංකා ගුරු සංගමය අනාවරණය කරයි.

එහි ලේකම් ජෝෂප් ස්ටාලිං සඳහන් කරන්නේ සිදුකරන පරීක්ෂණවලින් මේ බව තහවුරු වී ඇති බවයි.

දැනටමත් රාජාංගණයේ පාසැල් සිසුන්ට ද කොට්ටාව ධර්මපාල විදුහලේ සිසුන්ට ද කොරෝනා අවදානම නිසා නිරෝධායන ලක්වීමට සිදුව ඇතැයි ද ඔහු සඳහන් කළේය.

හෙට දිනයේ පාසල් ආරම්භ කරන්නේ නම් අලුත් තත්ත්වයක් ඇති බවත් එ් නිසා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මේ සඳහා මැදිහත් වීම අත්‍යවශ්‍ය බවත් ඔහු පැවසීය.

දැනට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වැඩවර්ජනයක නිරත වන නිසා රජය ඔවුන්ගේ ප්‍රශ්නය ගැන සොයා බලා මැදිහත් වී එය නිරාකරණය කිරීමට කටයුතු කළ යුතු බවද බවත් ඔහු කියා සිටියේය. ඔහු මේ බව කියා සිටියේ කොලඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස

මුල් පුවරුව