ගාල්ල උප නගරාධිපති ෆවුසාල්ගෙන් තර්ජන! සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් වර්ජනයක!

December 24, 2020 at 2:54 pm | by emanisa.lk

ගාල්ල දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් විසින් සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කොට ඇති බැව් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ගාල්ල දිස්ත්‍රික් ශාඛාවේ ලේකම් වෛද්‍ය මංජුල ද සොයිසා පවසයි.

ගාල්ල මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති පවුසල් නියාස් විසින් ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය බර්ට්‍රම් ගුණවර්ධනට බැන තර්ජනය කිරිමේ සිද්ධියකට විරෝධය දක්වා මෙසේ විරෝධතාව අරඹා තිබේ.

නියෝජ්‍ය නගරාධිපතිවරයා විසින් ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාට පුරුෂ වචනයෙන් බැණ තර්ජනය කොට ඇති බවත් මේ සම්බන්ධයෙන් වෛද්‍ය නිලධාරිවරයා විසින් ගාල්ල පොලිසියට පැමිණිලි කොට ඇති බව ද ඔහු පවසයි.

නියෝජ්‍ය නගරාධිපතිවරයා විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා විසින් එවන ලද චක්‍රලේඛයක් පිළිබද නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාගෙන් විමසා ඇත.

එම චක්‍ර ලේඛන තමන්ට නොලැබුණු බව නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා සඳහන් කළ විට නියෝජ්‍ය නගරාධිපතිවරයා විසින් පරුෂ වචනයෙන් බැන තර්ජනය කොට ඇති බව ද වෛද්‍ය මංජුල ද සොයිසා පවසයි.

මින් පසු ගාල්ල මහ නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් නගරාධිපතිවරයා සමග පමණක් රාජකාරි කටයුතුවලදි සම්බන්ධ වන බවත් නියෝජ්‍ය නගරාධිපතිවරයා සම්බන්ධ වන කිසිදු රැස්විමකට සහභාගි නොවන බවත් ඔහු සඳහන් කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස