අලුතින් සේවකයෝ එපා…! අපේ අතිකාල කැපෙනවා…! – රෝහල්වල වැඩ වර්ජනයක්…

February 26, 2021 at 5:33 pm | by emanisa.lk

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් වව්නියාව සහ මන්නාරම මහරෝහල්හි 25 දිනයේ රෝහල් සෞඛ්‍ය කාර් ය සහයකයින් ලෙඩ නිවාඩු දමා විරෝධතාවයන්හ නිරත වීම හේතුවෙන් රෝහල් දෛනික කටයුතුවලට දැඩි බාධා එල්ල වී ඇත.

වව්නියාව මන්නාරම් දිස්ත්‍රීක්කයන්හි පිහිටි ප්‍රාදේශීය රෝහල් ඇතුලු මහරෝහල්හි කණිෂ්ට සේවකයින් සියලු දෙනාම ඊයේ සහ අද (25) දිනයන්හි ලෙඩ නිවාඩු දමා මෙලෙස විරෝධතාවන් විරෝධතාවන් සංවිධානය කොට තිබුණි.

විරෝධතාවයේ නිරත වූවන් වැඩි දුරටත් කියා සිටයේ රෝහල්හි පලපුරුදු වසර ගණනක් සේවය කරමින් සිටින සෞඛ්‍ය කාර්ය සහයකයින් රැසකගේ පත්වීම් මෙතෙක් ස්ථීර කොට නොමැති අවස්ථාවක රැකියා ලක්ෂය වැඩසටහන යටතේ බඳවා ගත් පිරිස් රෝහල් වෙතට අනියුක්ත කිරීම මගින් සේවයේ නිරත වූ සේවකයින්ට දැඩි අසාධාරණයක් වන අතරම මෙතෙක් රෝහල්හි කණිෂ්ට සේවකයින්ට මාස 3 කට අධික කාලයක් අතිකාල දීමනාද නොලැබීම මත දැඩි අපහසුතාවන්ට පත්ව සිටින බවටය.

එබැවින් රැකියා ලක්ෂය වැඩසටහනට යටතට රෝහල්හි ස්ථීර කොට නොමැති කණිෂ්ට සේවකයින්ද ඇතුලත් කොට අතිකාල දීමනා ලබාදීමට වහාම පියවර ගත යතු බවට විරෝධතා කරුවෝ වැඩි දුරටත් පැවසූහ.

කණිෂ්ට සේවකයින්ගේ වැඩ වර් ජනයන් හේතුවෙන් රෝහල්හි කටයුතු දැඩි ලෙසින් අඩාල වී තිබීම හේතුවෙන් ජනතාව දැඩි අපහසුතාවන්ට පත්වූහ.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *