වී බැරි නම් මුං වවන්න..! – ජනපති..

January 23, 2022 at 9:52 pm | by emanisa.lk

මුං වගා කරන ගොවීන් සඳහා මූල්‍ය සහනාධාරයක් ලබා දෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කෘෂිකර්ම අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ජනාධිපතිවරයා මූල්‍ය ආධාර ලබාදෙන ලෙස නිලධාරීන්ට මෙසේ උපදෙස් දී ඇත්තේ වාරි පහසුකම් මදිවීම මත යල කන්නයේ වී වගා කළ නොහැකි වගා බිම්වල අන්තර් කන්නයේ අමතර බෝගයක් ලෙස මුං වගා කරන්නන් සඳහා යැයි ඳ ජනාධිපති කාර්යාලය පවසයි.

වී වගා කළ නොහැකි ඉඩම්වල සහ අන්තර් කන්නේ අමතර බෝගයක් ලෙස මුං ඇට වගා කරන්නන් සඳහා රජය සහායවීමට අපේක්ෂා කරන බවත් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ රාජකාරී කටයුතු නිරීක්ෂණයේදී ලද තොරතුරු සැලකිල්ලට ගනිමින් ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇති බවත් එම කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *