මුං ඇට 1200යි… කහ 7500යි… පොල්තෙල් 800යි…! ජනතාව අවුරුද්දට කැවුම් කාලා ඉවරයි…! – ජේ. සී. අලවතුවල

April 12, 2021 at 11:03 pm | by emanisa.lk

මෙරට ඉතිහාසයේ කිසිදු දිනයක නොවුණු තරම් බඩු මිල ඉහළ ගොස් ඇති බවත් රටේ ජනතාව විඳින අපහසුකම් ගැන ඇමතිවරුන්ට කිසිදු අවබෝධයක් නොමැති බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. සී. අලවතුවල පවසයි.

“මුං කැවුම් කියන්නෙ සිංහල හින්දු අලුත් අවුරුද්දේ කැවිලි මේසයට එන ප්‍රධානම ආහාරයක්. එතකොට දැන් බලන්න අද මුං කැවුමක් හදාගන්න, එහෙම නැත්නම් මේසෙට ගේන්න අපේ රටේ ජනතාවට කොච්චර වියදමක් යනව ද?

මුං ඇට කිලෝ එකක් මේ වෙනකොට රුපියල් 1200 දක්වා ඉහළ ගිහිල්ලා තියෙනවා. එතකොට කහ කුඩු ග්‍රෑම් 100ක් රුපියල් 750 යි. පොල්තෙල් බෝතලයක්, ඒක හොඳද, වහද කියලා දන්නෙත් නෑ, රුපියල් 800 යි. පොල් ගෙඩියක් රුපියල් 100ට ආසන්න මුදලක් වෙනවා. කැකුළු හාල් කිලෝ එකක් රුපියල් 100 –110යි. සීනි කිලෝ එකක් 125 යි. එතකොට මේ තත්ත්වය තුළ අලුත් අවුරුද්දට කොහොමද ජනතාව කෑම මේසෙට මුං කැවුම් ගෙඩියක් හදාගන්නෙ ? කොයි තරම් වියදමක් යනවද ?

එනිසා මෙවැනි තත්වයක් ඉතිහාසයේ කවදාවත් ඇතිවුණේ නෑ. හාල් කිලෝ තුනකින් සති දෙකක් කන්න පුළුවන් කියනවා, එහෙම ජනතාවට විහිළු සපයන ඇමතිවරුන්ට රටේ ජනතාව ඉන්න අමාරුව ගැන අවබෝධයක් තියෙනවාද කියලා අපට සැකයි.”

ජේ. සී. අලවතුවල මහතා මේ බව පැවසුවේ ඊයේ (11) කුරුණෑගලදී පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමින්.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *