විෂ පොල්තෙල් ගෙන අයට දැඩි දඬුවම් දෙනවා…! විෂ පොල්තෙල් වෙළෙඳපොළේ ඇතැයි බොරු කියන අයටත් සමාවක් නෑ….! – ඇමැති සරත් වීරසේකර

March 31, 2021 at 10:22 am | by emanisa.lk

විෂ පොල්තෙල් මෙරටට ආනයනය කිරීම පිළිබඳ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සිදුකරන විමර්ශනයෙන් පසු හෙළිවන කරුණු අනුව ඊට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක ඇමැති විශ‍්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර පවසයි.

තමාගේත් කැබිනට් මණ්ඩලයේත් ඒකමතික තීරණය වන්නේ විෂ පොල්තෙල් මෙරටට ගෙනා පිරිසට එරෙහිව දැඩි දඬුවම් පැනවීම බවත් කී ඇමැති වීරසේකර ඔවුන්ට එරෙහිව අනිවාර්යෙන් නීතිමය පියවර ගෙන දැඩි දඬුවම් පමුණුවන බවත් කියා සිටියේ ය.

එසේම සිංහල අවුරුදු සමයේ විෂ පොල්තෙල් වෙළෙඳපොළට පැමිණ ඇතැයි ජනතාව බියගන්වමින් සිදු කෙරෙන ප‍්‍රචාර අසත්‍ය බවත් හිතමතා එවැනි අසත්‍ය ප‍්‍රචාර සිදු කරන පුද්ගලයන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන බව ද හෙතෙම කීවේය.

මෙම පොල්තෙල් තොග වෙළෙඳපොළට ගොස් ඇති බව පැවැසීම සම්පූර්ණ අසත්‍යයක් බවත් රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා එම තෙල් තොග ගුදම්වල ඇති බවත් ඊට අදාළ සංඛ්‍යාලේඛන ඉදිරිපත් කරමින් ප‍්‍රකාශ කර ඇති බවත් ඇමැති සරත් වීරසේකර වැඩිදුරටත් කියා සිටියේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *