පොල්තෙල් විනාශයට පදනම දැම්මේ යහපාලන ආණ්ඩුවයි…! විස පොල්තෙල් හසු වූයේ වර්තමාන ආණ්ඩුව නිසායි…! – හිටපු රේගු අධ්‍යක්ෂ…

March 30, 2021 at 11:16 pm | by emanisa.lk

පොල්තෙල් පිළිකාකාරකයක් බවට පත්කරන ව්‍යාපෘතිය 2016 වසරේ ඇමැති රිෂාඩ් බදියුදීන් යටතේ ආරම්භ වූ බව හිටපු රේගු අධ්‍යක්ෂ පරාක්‍රම බස්නායක පවසයි. ඒ පිළිබඳ ඔහු තබා ඇති ෆේස්බුක් සටහනක් පහත දැක්වෙයි.

පොල්තෙල් ජාතකය….

වසර ගණනාවක සිට පොල්තෙල්වල මෙම විෂ සංඝටක ඇතැයි යන සංකල්පය ජන විඥානය තුළට කාවැද්දීමට බොහෝ ආයතන පුද්ගලයන් වෙර දරන අයුරු අප විවෘත ආර්ථිකය හඳුන්වා දුන් වකවානුවෙි සිටම දුටුවෙමු. එදා කිසිදු නියාමනයකයට ලක් නොකර චාරයක් විචාරයක් නොමැතිව ආර්ථිකය විවෘත කිරීම අද මෙවන් බරපතල පල විපාක ගෙන දෙන සංසිද්ධීන් ඇතිවීමට හේතු භූත වී ඇත.

විවෘත ආර්ථිකය නිසා ආනයනකරුවන් අධික ලාබ ලැබීම අරමුණු කරගෙන තත්වයෙන් බාල ප්‍රමිතිගත නොවූ ආහාර වර්ග සුලබව ගෙන ආ බව නොරහසකි. මෙය පසුගිය වකවානුවලත් නොකඩවාම සිදුවිය. සත්‍ය වශයෙන්ම පොල් තෙල් සම්බන්ධයෙන් මෙම තත්ත්වය දරුණු වූයේ පසුගිය රජය විසින්, 2016 දී ෆාම් ඔයිල්, පොල් තෙල් සමග කවලමි කිරීමට නීත්‍යානූකූල අවසරයක් දීමෙන් පසුවය.

මෙම කතාව ඇරඹෙන්නේ වර්තමාන රජය නිසි නියාමන කටයුතු ඇරඹීම නිසාය. එය ඉතා හොඳ දෙයකි. ජනතාවට දිය යුත්තේ පිරිපහදු කරන ලද පොල්තෙල් පමණි. අපි බලමු මොවුන් ගෙවන බදු ප්‍රමාණ ගැන.
පිරිපහදු නොකරන ලද බොර පොල්තෙල්, Crude coconut oil සඳහා මෙ ටො එකකට රු. 125000 ක් ආනයනික බද්දක් ගෙවිය යුතුය. ෆාම් ඔයිල් සදහා 250000 ක බද්දක් ගෙවිය යුතුය.

ලංකාවට, පිලිපීනය, මැලේසියාව සහ ඉන්දුනීසියාව වැනි රටවලින් මේවා ගෙන්වයි. ලංකාවෙි සාමාන්‍ය පරිභෝජනය මෙ ටො 180000 පමණ වෙි. දේශීයව නිපදවන්නේ මෙටො 20000 ක් පමණි. ඉතිරිය ආනයනය කළ යුතුය. සත්‍ය සිදුවීම බලමු.

පසුගිය දිනෙක ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද පිරිපහදු නොකරන ලද බොර පොල්තෙල් ටොන් 185.5 සහිත කන්ටේනර් 13 ක තිබී ශරීරයට අහිතකර පිළිකාකාරක Aflatoxin පිළිබදව වරායේ පිහිටි සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුබද්ධ ආහාර පරීක්ෂණ ඒකකය විසින් Port food and health unit.දෛනික පරීක්ෂාවකින් පසුව වාර්තා කෙරිණි. ඒ බව ශ්‍රී ලංකා රේගුවට සහ ප්‍රමිති කාර්යාංශයට වාර්තා කිරීමට ඔවුන් කටයුතු කළ අතර මෙම කන්ටේනර් ප්‍රති-අපනයන කරන ලෙස රේගුවට දන්වා තිබේ.

අදාළ කන්ටෙිනර්වල සාම්පල ITI සහ SLS සඳහා ද නිකුත් කරන බැවිනි. ඒවායේ වාර්තා ද ලැබෙන තෙක් අදාළ ආනයනකරුවන්ගේ ගුදම්වලට එම තොග නිකුත් කරන්නේ Removal Application තාවකාලිකව රඳවාතබා ගැනීමක් යටතේ ය. එය කිසිසේත්ම භාණ්ඩ නිදහස් කිරීමක් නොව රේගු අධීක්ෂණය යටතේ ප්‍රති අපනයනය කරන තෙක් රදවන රේගු පටිපාටියයි. මෙහිදී එකදු තෙල් බිඳක් හෝ වෙළඳපොළට නිකුත් වීමක් සිදුනොනේ. නිකුත් වී ද නැත.

එසේ නම් දඹුල්ලෙන් අසුවූයේ කුමක්ද?

පාරිභෝගික අධිකාරිය විසින් වරින් වර කරන පරීක්ෂාවන්ට අසුවුණ දඹුල්ලේ එක් භුගත ටංකියක් සහ ඉහළින් පිහිට වු ටංකියක් සීල් තබා ඇත. එයට හේතුව වන්නේ ඒවායේ ෆාමි ඔයිල් පොල් තෙල් හා මිශ්‍ර කිරීමක් සහ කෘමීන්, කැරපොත්තන් තෙල් හා මිශ්‍ර වීමත්. තෙවනුව එම ටැංකිවල අපවිත්‍රතාව නිසා මිසක Aflatoxin වාර්තාවීමක් නිසා නොවේ.

විපක්ෂය තොරතුරු නොදැන කෑ ගසන්නේ මෙි ව්‍යසනයට මූලිකව වගකිවයුත්තේ ඔවුන්ම බව දැන දැනමය. ඔවුන්ගේ පැටිකිරිය දැනගැනීමට මම එක් උදාහරණයක් පමණක් දැනට දෙන්නමි. අවශ්‍ය වුවහොත් විස්තරාත්මකව හෙලි කරන්නෙමු.

2016 දී මා වරායේ රේගු නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා වශයෙන් සිටියදී මාගේ විමර්ශන ඒකකයේ සිටි එක් විශිෂ්ට නිලධාරියෙකු විසින් විශේෂ වැටලීමකට අවසර ඉල්ලා සිටි අතර මා එවකට එම ඒකකයේ ප්‍රධානී රේගු අධිකාරී සුදත් සිල්වා සමග සාකච්ඡා කොට අවශ්‍ය අවසරය ලබාදුනිමි.

සුදත් සිල්වා ඇතුළු එම විමර්ශන කණ්ඩායම අත් අඩංගුවට ගත්තේ මැලේසියාවෙි සිට ගෙන්වූ fatty acid 16% වඩා ඇති ෆාමි ඔයිල් කන්ටේනර් 24 කි. මෙහි පිරිපහදු නොකළ මෙ ටො 480 ක් විය. එය ලීටර 533300 ක් පමන වෙළඳපොළට නිකුත් කළ හැකි තොගයකි. එම රේගු අධිකාරිවරයා සහ අනෙකුත් රේගු නිළධාරීන් ඉතා දක්ෂ ලෙස එම පරීක්ෂණය නිමකර එම කන්ටෙිනර් මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු බැවින් සියලු ම පරීක්ෂණ වාර්තා ලැබෙන තෙක් වරායේම රඳවා ගත් අතර. එයට එකඟ නොවූ ආනයනකරු අභියාචනාධිකරණයේ නඩුවක් ගොනු කළේය. CA/Writs/158/2016 ඒ 2017 පෙබ 06 දිනය. මෙම නඩුව අධිකරණයෙන් ප්‍රතික්ෂේප විය.

පරාක්‍රම බස්නායක.
හිටපු රේගු අධ්‍යක්ෂ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස