පොල්තෙල් පරිභෝජනයට බිය විය යුතු නෑ…! විෂ පොල්තෙල් වෙළෙඳපොළට නිකුත් කළේ නෑ,…! – රේගු අධ්‍යක්ෂ…

March 25, 2021 at 12:55 pm | by emanisa.lk

පරිභෝජනයට නුසුදුසු ආනයනික පොල්තෙල් කන්ටේනර් ආනයන කළ සමාගම්වල ගුදම්වලට යොමුකළ බව රේගු අධ්‍යක්‍ෂ ජනරාල්, විශ්‍රාමික මේජර් ජනරාල් ජී. වී. රවීප්‍රිය පවසයි.

රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ඊයේ (24) පස්වරුවේ පැවසුවේ පොල්තෙල්වල සංයුතිය පරීක්‍ෂා කිරීමට දවස් කිහිපයක් ගතවන නිසා අදාළ කන්ටේනර් පෙර ලෙස ම ආනයනික සමාගම්වල ගුදම්වලට නිකුත් කළ බවයි.

එම සමාගම් දෙක ආනයන කළ පොල්තෙල්වල ඇෆ්ලටොක්සීන්ස් රසායනිකය අඩංගු යැයි මේ මස 4 වැනිදා රේගුව දැනුම්වත් වූ බවත් එම පොල්තෙල් තොගය වාහාම ප්‍රති-අපනයන කරන ලෙස අදාළ සමාගම් දෙකට දැනුම් දුන් බවත් රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයා පැවසීය.

එම සමාගම් දෙකෙන් ආනයන කළ රසායන ද්‍රව්‍ය අඩංගු පොල්තෙල් පරිභෝජනය සඳහා නිදහස් වී නොමැති බව රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයා කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *