විස පොල්තෙල් ගෙනාවේ මුදලාලිලා…! ඒවා ඇල්ලුව ආණ්ඩුවට බනින්නේ ඇයි..? – චන්ද්‍රසේන

March 28, 2021 at 11:48 pm | by emanisa.lk

විවෘත ආර්ථික ක්‍රමය තුළ රටේ සීනි, පොල්තෙල් ආදී භාණ්ඩ ආනයන කටයුතු සිදුකරන්නේ පෞද්ගලික ව්‍යාපාරිකයින් විසින් බව ඇමැති එස්.එම්. චන්ද්‍රසේන පවසයි.

එහෙයින් සීනි හෝ පොල්තෙල් වංචාවකට රජය මැදිහත් වූයේ යැයි නඟන චෝදනාවල කිසිදු සත්‍යයතාවක් නැතැයි ඇමැතිවරයා සඳහන් කරයි.

ජනතාවට සහනයක් ලෙස බදු අඩු කළ විට කූඨ ව්‍යාපාරිකයින් එහි ප්‍රතිලාභ ජනතාවට නොදී ගසා කෑ බවත් විස පොල්තෙල් ගෙන ඒම ද ඔවුන්ගේ වැඩක් බවත් ඔහු සඳහන් කළේ ය.

මෙම පොල්තෙල් විස සහිත හඳුනා ගත්තේ ආණ්ඩුවේ ආයතන බවත් එම තෙල් බෙදා හැරීම නතර කළේ ආණ්ඩුව බවත් ඇමැතිවරයා අවධාරණය කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *