දංකොටුවේ තෙල් මෝලට රාගම ගබඩාවකින් පොල් තෙල් අදී …! විෂකාරක පොල් තෙල් ගෙනා සමාගමේ බවුසර 02ක් අත්අඩංගුවට…!

March 30, 2021 at 10:58 am | by emanisa.lk

විෂකාරක ඇති බවට සැකකරන පොල් තෙල් ලීටර් 27,500ක් අඩංගු බව්සර් දෙකක් දංකොටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

රාගම ප්‍රදේශයේ පිහිටි ගබඩාවකින් පසුගිය 25 වැනි දා මෙම පොල් තෙල් තොගය ගෙනැවිත් දංකොටුව නගරයට ආසන්නයේ තෙල් මෝලක රඳවා තබා ගෙන ඇතැයි අනාවරණය වී ඇත.

බව්සර්වල ඇති තෙල් සාම්පල ලබා ගෙන ඒවා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් ලබා ගැනීමට කටයුතු කරන බව දංකොටුව පොලීසිය සඳහන් කරයි.

මෙම බවුසර් දෙක විෂ කාරක සහිත පොල්තෙල් ගෙන ආ බවට චෝදනා ලබන සමාගමකට අයත් බව ද දැනගන්නට තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *