විශ්වාසභංගය 2/3 බහුතරයකින් පරදවන්න ආණ්ඩුව සූදානම්…! විපක්ෂයේ ප්‍රබලයෙක් එක්ක බදියුදීන්ගේ මන්ත්‍රී පිරිසත් ආණ්ඩුවට…!

July 19, 2021 at 11:21 pm | by emanisa.lk

බලශක්ති ඇමැති උදය ගම්මන්පිලට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව ආණ්ඩුව ඡන්ද 155ක්ට වැඩි ප්‍රමාණයක් පරාජය කරන බව කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.

විපක්ෂයේ ප්‍රබලයෙකු ද ආණ්ඩුව සමග එකතු වී මෙම විශ්වාස යෝජනාවට එරෙහිව ඡන්දය ලබා දෙන බව ද ඔහු අනාවරණය කළේ ය.

20 වන සංශෝධනය ඉදිරිපත් කළ අවස්ථාවේ දී තමන් පැවසූ අනාවැකිය සත්‍යය වූ බවත් මෙවර අනාවැකිය ද සත්‍ය වන ආකාරය බලාගත හැකිවනු ඇතැයි ද ඇමැතිවරයා කියා සිටියේය.

විශ්වාසභංග යෝජනාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේ ය.

සමස්ත ලංකා මහජන කොංග‍්‍රසයේ නායක රිෂාඩ් බදුර්දීන් හැර එම පක්ෂයේ සෙසු මන්ත්‍රීවරුන් ද ආණ්ඩුව සමඟ එක්ව විශ්වාසභංගයට එරෙහිව ඡන්දය භාවිත කරන බව වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස