කොන්දක් තියෙනවා නම් ගම්මන්පිලට එරෙහි වෙනු….! – මරික්කාර්ගෙන් ආණ්ඩු පක්ෂයට අභියෝගයක්…

July 14, 2021 at 7:58 am | by emanisa.lk

තෙල් මිල වැඩි කිරීම සම්බන්ධයෙන් ගම්මන්පිල ඇමැතිවරයාට විරුද්ධව විපක්ෂය ගෙන එන විශ්වාසභංග යෝජනාවට රජයේ මන්ත්‍රීවරුන්ට කොන්ද පණ තිබෙනවා නම් කෙළින් හිටගන්න හොඳ ම අවස්ථාව බව සමඟි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් පවසයි.

මන්ත්‍රීවරයා එසේ කීවේ මෙම විශ්වාසභංගය ගැන මාධ්‍යවේදීන් දැනුම්වත් කිරීම සඳහා විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.

කෙසේ වුව ද මෙම විශ්වාසභංගය 2/3 බහුතරයකින් පරාජය කරන බව මැති ඇමැතිවරු මේ වන විටත් පවසා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *