ජනවරමක් නැතිව ව්‍යවස්ථාවක් ගෙනා රනිල්ට ජනාධිපති වෙන එක සුළු දෙයක්…..! – වජිර…

June 17, 2021 at 12:41 pm | by emanisa.lk

එළඹෙන ජුනි 23 වෙනිදා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයේ දිවුරුම් දෙන එජාප නායක සජිත් ප්‍රේමදාස නුදුරේ දී ම මේ රටේ ජනාධිපතිවරයා වන බව එජාප සභාපති වජිර අබේවර්ධන ප්‍රකාශ කරයි.

මේ රටේ ජනවරමක් නොමැතිව අගමැති ධූරයට පත්ව මන්ත්‍රීවරුන් 225 දෙනාගේ ම කැමැත්ත ලබමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ආ එක ම නායකයා රනිල් වික්‍රමසිංහ බව ද එජාප සභාපතිවරයා පවසයි.

කඩා වැටෙන රට ගොඩනැගීමට භාරදිය යුත්තේ ජාත්‍යන්තර දේශපාලනය මෙන් රටේ දේශපාලනය ද දන්නා රනිල්ට බව ද හෙතෙම අවධාරණය කරයි. නොදැනුම්වත් ළදරුවන්ට රට භාරදිය යුතු නැති බවත් ඔහු පෙන්වා දෙයි.

තෙල් මිල ඉහළ නැංවීම සමස්ත ආණ්ඩුවේ තීන්දුවක් බැවින් විශ්වාසභංගයට ගෙන ආ යුත්තේ උදය ගම්මන්පිලට එරෙහිව නොව සමස්ත ආණ්ඩුවට එරෙහිව බවත් වජිර අබේවර්ධන අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස