ගම්මන්පිලට එරෙහි විශ්වාසභංගයට එජාප සහය නෑ….!

July 13, 2021 at 10:35 am | by emanisa.lk

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහිව සමගි ජන බලවේගය ගෙනෙන විශ්වාසභංගයට එජාප සහාය ලබා නොදිය යුතු බව එම පක්ෂයේ ප්‍රබලයින් අවධාරණය කර තිබේ.

මේ බව එජාප නායක රනිල් වික්‍රමසිංහ වෙත අදාල පාර්ශ්ව විසින් දැනුම් දී තිබේ.

මෙම විශ්වාසභංගය නිසා සිදුවන්නේ ආණ්ඩුවේ පාර්ශ්ව සමගි වීම පමණක් බව එජාපයේ මතය වී ඇත.

සමසත් ආණ්ඩුවට ම එරෙහිව ගෙනෙන විශ්වාසභංගයකට මිස ආණ්ඩුව සමගි කරවන මෙවැනි කටයුතු සඳහා සහාය නොදිය යුතු බව ඔවුන් අවධාරණය කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *