විපක්ෂයේ විශ්වාසභංගය මට නෙමෙයි, සජිත්ට එරෙහිවයි…! – උදය ගම්මන්පිල…

June 16, 2021 at 7:28 pm | by emanisa.lk

විපක්ෂය ගෙන එන විශ්වාසභංග යෝජනාව තමන්ට එරෙහිව ගෙන එන්නක් නොව විපක්ෂ නායකවරයාට එරෙහිවම ගෙන එන්නක් බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසයි.

එම යෝජනාව අත්සන් කරන අවස්ථාවේ ම විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු එය තමන් වෙත යොමුකර ඇති බව පැවසු අමාත්‍යවරයා කියා සිටියේ පොඩි එකාගේ ලිපිය බඳු ඒ ලිපිය පිළිබඳ ඉදිරියේ දී ජනතාව දැනුම්වත් කිරීමට තමන් බලාපොරොත්තු වන බවයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඉවත් විය යුත්තේ තමන් නොව ආණ්ඩුව බවට ප්‍රකාශයක් නිකුත් කර තිබිය දී මෙලෙස තමන්ට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමෙන් එය සජිත් ප්‍රේමදාසගේ ප්‍රකාශයට විරුද්ධව ගෙන එන විශ්වාසභංගයක් බවට පත්ව ඇතැයි හෙතෙම අවධාරණය කරයි.

ලංකා ඛනිජ තෙල් සංස්ථාව මගින් නැගෙනහිර කොළඹ මූලික රෝහල වෙත දැඩි සත්කාර ඒකක ඇඳන් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට අද (16) පෙරවරුවේ එක්වූ අවස්ථාවේදී මාධ්‍යවේදීන් ඇසූ පැනයකට පිළිතුරු ලෙස ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *