විරෝධතාවට ජන ගඟක් කොළඹට…!

July 9, 2022 at 11:15 am | by emanisa.lk

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ ඇතුළු ආණ්ඩුව වහා ඉවත්විය යුතු බවට බලකරමින් අද (9) කොළඹ විරෝධතාවට සහභාගී වීම සඳහා විශාල ජනකායක් මේ වන විට කොළඹට ඇදෙන බව වාර්තා වෙයි.

“9 වැනිදා උදේ 9.00ට මුළු රටම කොළඹට” යන තේමාව යටතේ මෙම අරගලය සංවිධානය කර තිබේ

මෙම අරගලය සඳහා සහය දක්වන බව සමඟි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුණ, පෙරටුගාමී සමාජවාදී පක්ෂය, එක්සත් ජාතික පක්ෂය ඇතුළු විපක්‍ෂයේ දේශපාලන පක්‍ෂ ගණනාවක් ප්‍රකාශ කර ඇත.

මහා සංඝරත්නය ප්‍රමුඛ ආගමික නායකයන්, විශ්ව විද්‍යාල ආචාර්යවරුන්, වෘත්තීයවේදීන්, කලාකරුවන්, විශ්ව විද්‍යාල සිසුන් ඇතුළු විශාල පිරිසක් මේ වන විට කොළඹබලා පා ගමනින් ගමන් කරමින සිටිති.

මෙම අරගලයට සහභාගී වීම සඳහා ගම්පහ, රාගම, මීගමුව, කළුතර ආදි විවිධ ප්‍රදේශවල සිට ජනතාව පා ගමනින් පැමිණෙති.

මේ වන විට කොළඹට පොලිස් සහ හමුදා බල ඇණි කැඳවා විශේෂ ආරක්ෂාවක් ලබා දී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *