වියන්ගොඩ තේනුවර ආයෙත් අධිකරණයට දුවති! අභියාචනාධිකරණ තීන්දුව නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලති!

November 13, 2019 at 1:40 pm | by emanisa.lk

රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් වන ගාමිණි වියන්ගොඩ සහ චන්ද්‍රගුප්ත තේනුවර ශ්‍රේෂ්ඨාධිකරණයේ විශේෂ අභියාචනයක් ගොනු කර තිබේ.

ඒ ගෝඨාභය රාජපක්ෂගේ ශ්‍රී ලංකා පුරවැසිභාවය අභියෝගයට ලක්කරමින් ලබා දුන් අභියාචනාධිකරන තීන්දුව නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලමිනි.

එක්සත් ජාතික පක්ෂය මුලින්ම ගෝඨාභය රාජපක්ෂ නිසි ලෙස සිය ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කරගෙන නොමැති බව පැවසුව ද එය නිත්‍යානුකූල ලෙස ඉවත් කරගෙන ඇති බව තහවුරු විය.

ඊට පසු ගෝඨාභය රාජපක්ෂ නිසි ලෙස ශ්‍රී ලංකා පුරවැසිභාවය ලබා ගෙන නොමැති බවට නඩුවක් ගොනු කළ අතර අභියාචනාධිකරණය එය ප්‍රතික්ෂේප කළේය.

කෙසේ වුවද කිසියම් රටක පුරවැසිභාවය නොමැති අවස්ථාවක කිසිදු රටක් කිසිවකුගේ පුරවැසිභාවය අහෝසි කරන්නේ නැත. ඒ එවැනි තත්ත්වයක් මතු වුවහොත් ඔහු හෝ ඇය රටක් නොමැති පුද්ගලයකු බවට පත්වන හෙයිනි.

අභියාචනාධිකරණ තීන්දුව ලබා දී දින 45කට පමණ පසු ජනාධිපතිවරණයට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයට තීන්දුව ලබා දීමට අවස්ථාවක් නොලැබෙන පරිදි මෙම පිරිස නැවත අධිකරණයට ගියේ ජනතාව තුළ වැරදි මතයක් ඇති කර දේශපාලන වාසි ලබා ගැනීමට බව විචාරකයන්ගේ අදහසය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස