විමල් සහ දෙමළ ව්‍යාපාරික ප්‍රජාව එකතු කරමින් සුපිරි ක්‍රිකට් ක්‍රීඩක මුරලි, විමල්ගේ වේදිකාවට!

July 13, 2020 at 12:46 pm | by emanisa.lk

සුපිරි ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ඇමති විමල් වීරවංශගේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට එකතු වී ඇතැයි ජාතික නිදහස් පෙරමුණු මාධ්‍ය එ්කකය පවසයි.

මුරලි විසින් පසුගිය සති අන්තයේ කොළඹ කින්ග්ස්බරි හෝටලයේදී දෙමළ ව්‍යාපාරික ප්‍රජාව සහ ඇමති විමල් වීරවංශ අතර හමුවක් ද සංවිධානය කර තිබේ.

මෙම ව්‍යාපාරික හමුව ආමන්ත්‍රණය කිරීමෙන් අනතුරුව අමාත්‍ය විමල් වීරවංශ මහතා දමිල ව්‍යාපාරික ප්‍රජාව නැඟු ප්‍රශ්න රැසකට පිළිතුරු ලබා දුන්නේය. ඒ මහතා ඇතැම් ගැටලු රජයට ඉදිරිපත් කිරීමට ද කටයුතු කරන බව පැවසීය.

මෙම ව්‍යාපාරික හමුවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනයකරුවන්ගේ සහ වෙළඳුන්ගේ සංගමයේ සභාපති ජී. රාජේන්ද්‍රන්, පිටකොටුව රෙදිපිළි ව්‍යාපාර හිමියන්ගේ සංගමයේ උප සභාපති බී. ත්‍යාගරාජා පිල්⁣ලේ, රන් ආභරණ වෙළඳුන්ගේ සංගමයේ ලේකම් රත්නරාජා සරවනම්, සිලෝන් හාඩ්වෙයාර් මර්චන්ට් ඇසෝසියේෂන්හි සභාපති, එස්. ටී. එස්. අරුලානන්දන් ද එක්ව සිටියහ. ඒ සඳහා පිටකොටුව දෙමළ ව්‍යාපාරික ප්‍රජාව ඇතුළු තවත් දෙමළ ව්‍යාපාරික පිරිසක් එකතු වූ බව ද වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස