විමල් රට වහන්න ලියුම් ගහල මළ ගෙවල් ගාණේ යන එක හරිද…? – පතිරණ…

August 26, 2021 at 8:42 am | by emanisa.lk

රට වසා දමන්නැයි ඉල්ලමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ලිපියක් ද යැවූ අමාත්‍ය විමල් වීරවංශ රට වසා දමා තිබිය දී මළ ගෙවල්වල යෑම සුදුසු දැයි ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති, ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය මහින්ද පතිරණ ප්‍රශ්න කරයි.

ඔහු මේ බව විමසා ඇත්තේ කොවිඩ් අසාදිතව අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය මංගල සමරවීරගේ අවසන් කටයුතු සිදුකරන අවස්ථාවට ඇමැති විමල් වීරවංශ සහභාගී වී සිටින ඡායාරූපයක් ද උපුටා දක්වමිනි.

මේ ආකාරයෙන් රටේ සියලු දෙනාම හැසිරුණහොත් සිදුවන්නේ කුමක්දැයි ප්‍රශ්න කරමින් මහින්ද පතිරණ සිය ෆේස්බුක් ගිණුමෙහි තැබූ සටහන පහතින් දැක්වේ. ඔහු අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ සමීපතමයෙකු ලෙස ප්‍රසිද්ධය.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස