සංචාරකයින්ට රට වැසීම අදාළ නෑ…! ගුවන්තොටුපළ සහ සංචාරක සේවා අඛණ්ඩව…!

August 21, 2021 at 10:40 am | by emanisa.lk

එළැඹෙන තිස්වනදා දක්වා රට අගුළු දා තිබුණ ද, සංචාරකයන් සඳහා රට විවෘතව පවතින බව, සංචාරක අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග පවසයි.

මෙරටට පැමිණීමේ අපේක්ෂාවෙන් සිටි සංචාරකයන් මේ වන විටත්, ගුවන් ටිකට්පත් සහ හෝටල් සඳහා මුදල් ගෙවා ඇති බැවින්, ඔවුන් අපහසුතාවට පත් කළ නොහැකි බව අමාත්‍යවරයා අවධාරණය කරයි.

ඒ අනුව, ගුවන්තොටුපල සේවා සහ සංචාරක සේවාවන් අත්‍යවශ්‍ය සේවා ලෙස අඛණ්ඩව පවත්වා ගෙන යාමට රජය තීරණය කර තිබේ.

මෙරටට පැමිණෙන ඉන්දියානු සංචාරකයන් සහ ඉන්දියාව හරහා මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයන්, එන්නත් මාත‍්‍රා දෙකම ලබා තිබීම අනිවාර්ය කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *