විභාග ෆේල් වුණත් සඳුදා ළමයි ඉස්කෝලේ යවන්න එපා! – ඇමති රංජන් රාමනායක

May 5, 2019 at 6:19 pm | by admin

ළමයාගේ ජීවිතය විභාගයට වඩා වටිනා නිසා විභාග අසමත් වුවත් සඳුදා ළමයින් පාසල් නොයැවිය යුතු රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක පවසයි.

මෙයට පෙර බුද්ධි අංශ විසින් ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වන බවට අනතුරු අඟවා තිබිය දී එය නොතකා හැරීම නිසා මහ විනාශයක් වූ බව ඇමතිවරයා පෙන්වා දුන්නේය. එහෙයින් ප්‍රහාරයක් එල්ල වුණා නොවුණා අනවශ්‍ය අවධානමක් ගත යුතු නැතැයි හෙතෙම පැවසීය.

මේ වන විට සඳුදාට හෝ ඊට පෙර කොළඹට පිවිසෙන පාළම් ගුවන් පාළම් ඇතුළු පාළම් විනාශ කිරීම සඳහා ප්‍රහාරයක් එල්ල කිරීමේ අවධානමක් පිළිබඳ බුද්ධි අංශ අනතුරු අඟවා තිබේ.

මාස තුනක කාලය ගෙන කුඩු කොකේන් ඇතුළු සියලු අපරාධ රටෙන් අතුගා දැමීමට මේ අවස්ථාව යොදා ගන්නා ලෙස ද ඔහු ඉල්ලා සිටියේය. ඇමති රංජන් රාමනායක මෙම අදහස් ප්‍රකාශ කළේ ස්වර්ණවාහිනයේ රතු ඉර වැඩසටහනට එක්වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස