විපක්ෂය රටේ ආර්ථික ප්‍රශ්න හිඟන්නගේ තුවාලේ කරගෙන…! තුවාලේ සුව කරන්න හදනකොට සජිත්ලා කබලබ වෙනවා…! – අජිත් නිවාඩ්…

June 23, 2021 at 5:35 pm | by emanisa.lk

තුවාලය පෙන්වමින් හිඟා කන හිඟන්නාගේ තුවාලය සුව කිරීමට උත්සාහ කළ විට ඔහු කලබලයට පත්වීම ස්වාභාවික බවත් ආර්ථික ප්‍රශ්නය නමැති තුවාලය මේ ආණ්ඩුව සුව කිරිමට යද්දි සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කලබල වී ඇත්තේ ද ඒ ආකාරයටම බවත් මුදල්, ප්‍රාග්ධන වෙළෙඳපොළ හා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් පවසයි.

අද (23) පාර්ලිමේන්තුවේ දී දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනත යටතේ වූ යෝජනාව පිළිබඳ විවාදයට එකතු වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේ ය.

වත්මන් රජය බාර ගත්තේ අගාධයට ඇද දමා තිබූ ආර්ථිකයක් බව පැවසූ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා රජයට අද සියල්ල කිරීමට සිදුවී ඇත්තේ ඇමරිකානු ඩොලර් බිලියන හතක් සමග යැයි ද ප්‍රකාශ කළේය.

මිනිසුන්ගේ ජීවිත රැක ගන්න අතර රටේ ආර්ථික ප්‍රශ්නයට ද රජය මුහුණ දෙන බව ඔහු පැවැසුවේය. මිනිසුන්ගේ ජීවිත හා ජීවනෝපාය යන දෙකම රැක ගැනීම මේ වෙලාවේ ඉතා ම අමාරු බවත් රජය මේ අවස්ථාවේ දී විපක්ෂයේ සහාය ද ඉල්ලා සිටින්නේ ඒ නිසා බවත් අජිත් නිවාඩ් කබ්රාල් ප්‍රකාශ කළේය. පොදුවේ විපක්ෂය ඒ සහය මෙතෙක් ලබා දී නැතැයි ද ඔහු චෝදනා කළේය.

කෙසේ වෙතත් සමහර මන්ත්‍රීවරුන් රජයට සහය දක්වා ඇති බවත් ඒ සම්බන්ධයෙන් එම මන්ත්‍රීවරුන්ට ස්තූතිවන්ත වන බවත් මුදල් රාජ්‍ය ඇමතිවරයා කීවේය. විපක්ෂය හැටියට රනිල් වික්‍රමසිංහ අද හොඳ කතාවක් කළ බවත් ඒ කතාවෙන් අනෙක් අයටත් පාඩම් උගෙන ගත හැකි බවත් ඔහු කියා සිටියේය.

සියලු දෙනා එකතු වී වැඩ කළ යුතු බවට රනිල් වික්‍රමසිංහ එහි දී පෙන්වා දුන් බව ද ඇමැති කබ්රාල් කොවිඩ් පාලනයට අමතර මුදල් අවශ්‍ය වී ඇති බවත් සියලු කටයුතු කරද්දී ජනතාවට ණය සහන ලබාදී ඇති බවත් ප්‍රකාශ කළේය. මේ සහන සඳහා රජය බැංකුවලට රුපියල් කෝටි තුන්ලක්ෂ හතළිස් එක් දහසක් ලබා දී ඇතැයි පැවසූ ඇමැති කබ්රාල් රට ආර්ථිකමය පැත්තෙන් වර්ධනය වී ඇත්තේ ඒ සහන නිසා බව ද සඳහන් කළේය.
සෞභාග්‍යා ණය යටතේ ජනතාවට බිලියන මිලියන 160ක් ලබා දී ඇතැයිද ඔහු පැවසුවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස