ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙළ අහස් මාළිගාවක්! අපට වගේ ආර්ථික අවබෝධයක් නෑ! – හර්ෂ

December 11, 2020 at 3:24 pm | by emanisa.lk

වත්මන් රජයේ ආර්ථික වැඩපිළිවෙළ යනු හුදෙක් අහස් මාළිගාවක් පමණක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පවසයි.

“මේගොල්ලො කියනවා අපට ප්‍රශ්නයක් නෑ, ණය ගෙවන්න පුළුවන්, අපි ඩොලර් ණය ගෙවලා දාලා සල්ලි අච්චු ගහලා රුපියල් ණයවලින් මේක කරනවා කියලා. ඒවා නිකම් මේ අහසේ තනන මාළිගා විතරයි. කනගාටුයි! මොවුන්ගේ වැඩපිළිවෙළ මොවුන් දන්නෙවත් නෑ.”

ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මේ බව පැවසුවේ ඊයේ (10) අයවැය විවාදයෙන් අනතුරුව පාර්ලිමේන්තුවෙන් පිටව යද්දී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *