විදෙස් රැකියාවල යෙදී සිටිය දී කොරෝනා වැළඳී මියගිය ශ්‍රී ලාංකිකයන්ට ලක්ෂ 05 බැගින් වන්දි!

July 17, 2020 at 3:34 pm | by emanisa.lk

ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී රැකියා සඳහා විදේශගතව සිටියදී කොරෝනා වැළඳී මිය ගිය ශ්‍රමිකයින් වෙනුවෙන් රක්ෂණ වන්දි පිරිනමන බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කමල් රත්වත්තේ සඳහන් කරයි.

මේ වන විට කොරෝනා වෛරසය හේතුවෙන් මැද පෙරදිග කලාපයේ රටවල රැකියාවල නියුතුව සිටි ශ්‍රී ලාංකිකයින් 40 දෙනෙකු පමණ මිය ගොස් ඇති අතර එයින් පිරිමි 37 දෙනෙක් පිරිමි වේ.

සෞදි අරාබියෙන් 18ක්, කුවේට් හි 9ක්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ 8ක්, ඕමාන් සහ කටාර් 2 දෙදෙනා බැගින් හා එක් මරණයක් ලෙබනනයෙන් ද වාර්තා වී ඇත.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදෙස්ගතව රැකියාවේ යෙදී සිටියදී සිදුවන සාමාන්‍ය මරණයක දී රුපියල් ලක්ෂ 5ක වන්දියක් ගෙවන අතර 2020 මාර්තු 16 න් පසුව ලියාපදිංචිය ලබා විදේශගතවූ ශ්‍රමිකයින් වෙනුවෙන් එම වන්දිය රුපියල් ලක්ෂ 6 දක්වා වැඩි කර ඇත.

එමෙන්ම කාර්යාංශයේ ලියාපදිංචිය ලැබුව ද එම කාලය ඉක්මවා ලියාපදිංචිය අලුත් නොකර සිටිය දී මියයන අය වෙනුවෙන් රක්ෂණ වන්දි හිමි නොවන අතර, ඒ අය වෙනුවෙන් කාර්යාංශයේ විශේෂ සුභසාධන අරමුදල යටතේ රුපියල් ලක්ෂ 3 බැගින් වන්දි පිරිනැමේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *