කොරෝනාට බයේ හැංඟිලා වැඩක් නෑ! අපි නැවත රැකියාවට යනවා! – තරුණයන් 100ක් කොරියාව බලා ඉගිලෙති….

April 30, 2020 at 10:51 pm | by emanisa.lk

නිවාඩු මත ලංකාවට පැමිණ සිටි දකුණු කොරියාවේ සේවය කළ ශ‍්‍රීලාංකික සේවකයින් සිය දෙනෙක් සිය පුද්ගලික මුදල් වියදම් කර කටාර් ගුවන් සේවයට අයත් QR 655 ගුවන් යානයෙන් අද (30) රාත‍්‍රී 08.15ට කොරියාව බලා පිටත්ව ගොස් තිබේ.

කොරියාවේ සේවය කර නිවාඩු මත පැමිණි ලාංකිකයින් පන්සියයකට ආසන්න පිරිසක් ආපසු යාමට නොහැකිව සිටින බව වාර්තා වෙයි. එසේම කොරියාවේද කොරෝනා උවදුර ඇතත් තමන් මෙතක් සේවය කළ ආයතනවල විධිමත් සෞඛ්‍යාරක්‍ෂක ක‍්‍රම පැවති බව ඔවුහු පවසති.

තමන් තවදුරටත් ලංකාවේ රැදී සිටිනවා යනු කොරියානු රටේ රැකියා අවස්ථා අහිමිවීමේ අවදානමේ පසුවු බව ද කොරියා ලංකා සහෝදර එකමුතුව ‘සිහින දේශයට මාවත’ සංවිධානයේ කැදවුම්කරු වූ රොෂාන් වික‍්‍රමසිංහ පැවසිය.

‘මේ වෙලාවේ කොරෝනා වසංගත තත්ත්වයන් නිසා විදෙස් රටවල ඉන්න ශ‍්‍රීලාංකික ශ‍්‍රමික ජනතාව වගේම ඉගෙන ගන්න, පුහුණු කටයුතු ආදියට ගිය අය ආපසු ගෙන්වා ගන්න කියලා පිංසෙන්ඩු වෙනවා අපි මාධ්‍යයෙන් දැක්කා. නමුත් අපි මේ කරන්නේ උඩුගම් බලා පිහිනීමක්. අපි රැකියා කරලා රටට විදේශ විනිමය ගේන්නයි මේ යන්නේ. අපිට කොරියාවේ දි කොරෝනා උවදුරෙන් අපි ආරක්‍ෂා වෙනවා කියලා ලොකු විශ්වාසයක් තියනවා. ලංකාවට කොරෝනා උවදුර ආවේ මාර්තු මාසේ වුණාට කොරියාව ජනවාරි මාසේ ඉඳලාම ඊට සූදානමින් කටයුතු කළා.’

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස