වැලි මිල වැඩි වුණේ ප්‍රවාහන බලපත් නිසා නෙමෙයි කප්පම් නිසා! – පුබුදු ජයගොඩ

December 7, 2019 at 10:52 am | by emanisa.lk

වැලි ප්‍රවාහනය කිරීමේ බලපත්‍ර අහෝසි කිරීමෙන් වැලිමිල අඩු නොවන බවත් වැලි ප්‍රවාහනයේදී කප්පම් ගන්නා මාෆියාව නතර කිරිමට පියවර ගත යුතු බවත් පෙරටුගාමි සමාජාවදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ අවධාරණය කරයි.

ගල්, වැලි, පස් ප්‍රවාහනය කිරීමට අදාළව තිබෙන නීතියේ සංකීර්ණකමක් තිබෙන බවත් ඉන් ජනතාව අපහසුතාවට පත්වන බව සැබෑ නමුත් ඊට කළ යුත්තේ විධිමත් පටිපාටියක් සැකසීම මිස බලපත්‍ර අහෝසි කිරිම නොවන බවත් ඔහු පෙන්වා දුන්නේය.

බලපත්‍ර අහෝසි කිරීමෙන් වැලි කියුබ් එකකින් අඩු වන්නේ රුපියල් 642ක් බවත් වැලි කියුබ් තුනකින් රුපියල් 5000ත් 8000ත් අතර මුදලක් කප්පම් ගන්නා බව ඔහු අනාවරණය කළේය.

වැලි කියුබ් තුනක් පොළොන්නරුවේ සිට කොළඹට ගෙන ඒමේදී ප්‍රවාහන ගාස්තු, බලපත්‍ර ගාස්තු, වැටුප් ඇතුලු සියලු වියදම් සහිතව රුපියල් 35,000ක් පමණ විය යුතු නමුත් මිල රුපියල් 55,000ක් පමණ වන බවත් මේ අමතර රුපියල් 20,000 එකතු වන්නේ කෙසේදැයි ඔහු ප්‍රශ්න කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස