වැලි පස් මිල පාලනයට පියවර! වැලි පස් ප්‍රවාහන බලපත් ක්‍රමය අහෝසියි!

June 13, 2020 at 3:47 pm | by emanisa.lk

පස් සහ වැලි ප්‍රවාහනය කිරීම සඳහා වූ බලපත්‍ර ලබාගැනීම අහෝසි කර දමා ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සඳහන් කරයි.

මෙම නීතිය අහෝසි කිරීම ජූනි මස 01 වෙනිදා සිට බලපැවැත්වෙයි.

වැලි ප්‍රවාහනයට බලපත්‍රයක් ලබාගත යුතුව තිබුණද ඉකුත් දෙසැම්බර් මාසයේදී එම ක්‍රමය තාවකාලිකව නතර කරන ලදුව පසුව මැයි 11 වන දින සිට නැවතත් බලපත්‍ර ක්‍රමය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන කළ ද නැවත ජුනි මස 01 වන දින සිට එම ක්‍රමය අත්හිටුවා ඇත.

කාර්යංශය සඳහන් කරන්නේ වැලි සහ පස් මිල ඉහළ යාමට ප්‍රවාහන බලපත්‍ර අනිසි ලෙස භාවිතය හේතුවී ඇති නිසා මෙම තත්වය පාලනය කිරීමට බලපත්‍රය ක්‍රමය අත්හිට වූ බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස