වැඩි ම ජනතා විශ්වාසය මහ බැංකු අධිපතිට…!

December 2, 2022 at 10:00 am | by emanisa.lk

ආර්ථික ප්‍රතිසංස්කරණ මෙහෙයවීම සඳහා ශ්‍රී ලාංකිකයින්ගේ වැඩි ම විශ්වාසයක් දිනා ඇති පුද්ගලයා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ බව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය පවසයි.

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය නිකුත් කළ නවතම සමීක්ෂණ වාර්තාවක් අනුව ඔහුට සියයට 56.6ක විශ්වාසයක් හිමිව තිබේ.

එහි දෙවැනි ස්ථානය ජනාධිපති රනිල් වික්‍රමසිංහට හිමිව ඇති අතර ඔහුට හිමිව ඇති විශ්වාසය ප්‍රතිශතයක් ලෙස සියයට 44.5 කි. ඊට පසු පිළිවෙළින් හර්ෂ ද සිල්වා, නවරත්න බණ්ඩාර සහ පාඨලී චම්පික රණවක කෙරෙහි විශ්වාසය ප්‍රකාශ කොට තිබේ.

එසේම මෙම වාර්තාවට අනුව රජය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට තීරණය කිරීම ශ්‍රී ලාංකිකයන් සියයට 60.5 අනුමත කර ඇති අතර ඉන් බහුතරයද වයස අවුරුදු 18-29 ත් අතර තරුණයන් වේ.

තව ද මෙම වාර්තාවට අනුව මීට වසරකට පෙර තිබූ ආර්ථික තත්ත්වයට වඩා දැන් තිබෙන ආර්ථික තත්ත්වය නරක බව ශ්‍රී ලාංකිකයන් සියයට 79.1 ක් පිළිගෙන ඇත. මෙම සමීක්ෂණය සඳහා නියැඳි 1000 ක් ගෙන ඇති අතර ඔක්තෝබර් 21 සිට 31 දක්වා මෙම සමීක්ෂණය සිදු කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස