රට චීන ණය උගුලකට හසු වූ කතා බොරු..! රට ගොඩගන්න ඩොලර් බිලියන 07ක් සූදානම්..! – මහ බැංකු අධිපති..

July 23, 2022 at 7:43 am | by emanisa.lk

ශ්‍රී ලංකාවේ උද්ධමනය ඉදිරි මාස 2 ක කාලය තුළ සියයට 70 සීමාවට ළඟා වනු ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.

සී.එන්.බී.සී නාලිකාව සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවක දී හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.

එසේ ඉහළ යන උද්ධමනය සැප්තැම්බර් මාසය වන විට මධ්‍යස්ථ මට්ටමකට එනු ඇතැයි මහ බැංකු අධිපතිවරයා පැවසුවේය.

චීනය ශ්‍රී ලංකාව ණය උගුලකට හසු කර ඇතැයි පළවන වාර්තා ද ඔහු ප්‍රතික්ෂේප කළේය

බලශක්ති නිෂ්පාදනවල මිල ගණන් වෙනස්වීම මත පදනම්ව ඉදිරි මාස දෙක සඳහා උද්ධමනය ගණනය කළ බව නන්දලාල් වීරසිංහ පෙන්වා දුන්නේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකම යටතේ ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 3 ක් ලබා ගැනීම සඳහා සුදුසුකම් තිබෙන බවත් එය මාස 3 ක කාලයකදී කොටස් වශයෙන් ලැබෙනු ඇති බවත් සී.එන්.බී.සී නාලිකාවේ ස්ට්‍රීට් සයින්ස් වැඩසටහනට සහභාගී වෙමින් ඔහු ප්‍රකාශ කළේය.

විස්තීරණ අරමුදල් පහසුකම යනු ගෙවුම් ශේෂ හිඟය ඇති රටවලට සහාය වීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිර්මාණය කර ඇති පහසුකමකි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට මුදල් ලබා දීම ආරම්භ කළ පසු ආසියානු සංවර්ධන බැංකුව සහ ලෝක බැංකුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දෙන මුදලට  අමතරව තවත් ඩොලර් බිලියන 4 මුදලක් ශ්‍රී ලංකාවට ලබා දෙනු ඇතැයි නන්දලාල්  වීරසිංහ පැවසුවේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනකින් ඔබ්බට යාමට බලධාරීන් මෙය අවස්ථාවක් කරගත යුතු බව හෙතෙම පැවසුවේය. වත්මන් ආර්ථික අර්බුදයේ මූලික හේතුව දශක ගණනාවක මූල්‍ය අවභාවිතය බව ඔහු පැවසීය.

නව ජනාධිපති රනිල් වික්‍රමසිංහට ශ්‍රී ලංකාවට අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදු කිරීමට හැකි වෙතැයි තමන් සුභවාදීව සිතන බව සී.එන්.බී.සී නාලිකාව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස