මහ බැංකු අධිපතිකම දෙන්නේ මාස දෙකකට බව දන්නවා නම් ගන්නේ නෑ..! – ආචාර්ය නන්දලාල් වීරසිංහ….

June 17, 2022 at 6:16 pm | by emanisa.lk

ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහ බැංකු අධිපතිවරයා ලෙස සම්පුර්ණ වසර හයක ධූර කාලය සේවය කිරීමට කැමති බව පවසයි.

බී.බී.සී පුවත් සේවය සමග පැවති සම්මුඛ සාකච්ඡාවක දී මහ බැංකු අධිපතිවරයා මේ බව පැවසුවේය.

ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ගේ ඉවත් වීමෙන් පසු
ඔහුගේ ඉතිරි ධූර කාලය සඳහා පත්වීම ලැබුවේය.

කෙසේ වුව ද ශ්‍රී ලංකා මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ පුර්ණ වසර හයක ධූර කාලයක් සඳහා නැවත පත් කරන බවට තවමත් ස්ථිර කර නොමැති බව බී.බී.සී පුවත් සේවය ප්‍රකාශ කළේය.

මාස දෙකක් සඳහා තමා පත් කරන බව දන්නේ නම් එම ධූරය භාරනොගන්නා බවත් එවැනි කෙටි කාලයක් තුළ අර්බුදය විසඳිය නොහැකි බවත් ආචාර්ය වීරසිංහ අවධාරණය කරයි. ආර්ථිකය යහපත් අතට හැරීමට පෙර නරක අතට හැරිය හැකි බවත් දිගට ම සේවයේ යෙදීමට තම කැමැත්ත ප්‍රකාශ කර ඇති බවත් ඔහු ප්‍රකාශ කරයි.

ආචාර්ය නන්දලාල් වීරසිංහ ධුරයෙන් ඉවත් නොකරන ලෙස මහ බැංකු හිටපු කාර්ය මණ්ඩලය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක්ද ඉදිරිපත් කර ඇති තිබේ. ශ්‍රී ලංකාවට මෙම වසරේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළුව ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 5 ක මුදලක් බලාපොරොත්තු වන බව ද මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගොස් වසරකට පෙර ණය ප්‍රතිව්‍යුහගත කළේ නම් ජනතාවට පීඩාවක් නොවන ආකාරයට අර්බුදය කළමනාකරණය කළ හැකිව තිබූ බවයි, ආචාර්ය නන්දලාල් වීරසිංහ පෙන්වා දෙන්නේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස