බැසිල් රටේ ආර්ථිකේ ගොඩගන්න තිරසර සැලසුමක් හැදුවා…! නන්දලාල්, සබ්‍රි, හර්ෂ සහ අරගලකාරයෝ රට බංකොලොත් කළා..!

August 16, 2022 at 8:26 am | by emanisa.lk

ශ්‍රේණිගත කිරීම් ආයතනවලින් ලංකාව Restricted Default තත්වයෙන් ඩිෆෝල්ට් තත්වයට දාලා. මේක අපේක්ෂා කරපු තත්වයක්. ණය Default කර ඉතිරි වන මුදලින් කන්න ගෙනත් දෙන ලෙස ඉල්ලා සිටි අරගලය ඇතුළු මෙරට උගත් නූගත් බොහෝ අයගේ ඉල්ලීම පිට වත්මන් මහ බැංකු අධිපති, මුදල් ඇමති අලි සබ්‍රි හා විපක්ෂ මන්ත්‍රී හර්ෂ ද සිල්වා යන අයගේ දායකත්වයෙන් මේ තීරණය ගනු ලැබුවා. කවුරු ගත්ගත් ඒක මේ ඉතිහාසය අදුරදර්ශීම තීරණය.

ගෝඨාභය ආණ්ඩුවේ අරමුණ වුණේ විදේශ ණය ගෙවා දමමින්, රට තුළ ආදායම් උපයන මාර්ග නිර්මාණය කරන අතර තුර හිග මුදල් ඉන්දියාවෙන් හා චීනයෙන් ගෙන අමතර මුදල් IMF වෙතින් ලබා ගන්නා ඉතා තිරසාර විසඳුමක්. 2020 ඉඳල අපි ඩොලර් බිලියන 8කට වඩා ගෙවල අපේ ණය බර ඩො. බිලියන 59 ඉඳල 47 අඩු කර ගත්තා. ඒ තත්ත්වය ඉදිරියට ගියා නම් අපේ ශ්‍රේණිගත කිරීම් නැවත ඉහළ යනවා. අඩු පොළියට නැවත ණය ගන්න හැකි වෙනවා. ණය sustainable කරන්නෙ එහෙම.

හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මෙම බහුවිධ පෙරමුණු සහිත මාර්ග සිතියම නිර්මාණය කළ අතර එය ක්‍රියාත්මක වූයේ නම් අප මේ වන විට අර්බුදය සැලකිය යුතු ලෙස කළමනාකරණය කරගෙන. ලෝක බැංකුව පවා මේක අනුමත කර දුන්නා. ඒ නිසා තමයි අද අපට ගෑස් ගන්න මුදල් ලැබෙන ලෙස ඔවුන්ගෙ ව්‍යාපෘති ණය repurpose කරල මිලියන 340ක් ලබා දුන්නෙ.

හැබැයි අරගලය විසින් මේ මාහැඟි ශක්තිමත් විසඳුම පරාජය කළ අතර, ජනාධිපති ගෝඨාභයට පවා මේ ගැන දැනුමක් තිබුනේ නැහැ. අපට IMF සාකච්ඡා තියන්න තිබුණේ අප්‍රේල් මාසේ. එදා මුදල් ඇමතිවරයා එහි ගියේ නම් අද එතනිනුත් බිලියන 4ක් අනුමත වෙලා ඉවරයි.

දැන් ඒ සියල්ල හීන. විදේශ ව්‍යාපෘති පවා දැන් ඇන හිටලා. ඒ ඩොලර් එන්නෙත් නැහැ. ඇත්තටම කනගාටුයි ඒ ගැන. දැන් තියෙන තත්ත්වයට අනුව, ණය ප්‍රතිව්‍යුහගත කිරීම පවා සැක සහිතයි. චීනය මොන පියවරක් ගන්න ඉන්නවද දන්නෙ නැහැ. මේ ගැන ආණ්ඩුව මීට වඩා උනන්දුවෙන් කටයුතු කළ යුතුයි. හැබැයි කොහොම කටයුතු කළත් දැන් අපට තෝරන්න බැහැ.

අපි ඉන්නෙ අනිත් අයගෙ අතේ. මේ තත්ත්වය උදාකිරීම ගැන අරගලය නම් වූ විනාශකාරි ක්‍රියාදාමය වග කියන්න ඕන. දැන් අපට මේ වැටිච්ච වළෙන් ම ගොඩ එන්න වෙලා. ඒක පහසු නැ. හැබැයි පුළුවන්. කැප කිරීම් කරන්න ඕන.

මහින්ද පතිරණ…

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස