වහා ම රට වහන්නැයි බල කරමින් උද්ඝෝෂණ.. !

August 14, 2021 at 4:01 pm | by emanisa.lk

ජන ජීවිතය සමග සෙල්ලම් එපා – ජනපතිතුමනි වහාම රට වහන්න’ යැයි ඉල්ලමින් අනුරාධපුර නගර සභාවේ විපක්ෂයේ මන්ත‍්‍රීවරු පිරිසක් ඊයේ අනුරාධපුර ඩී. එස්. වටරවුම අසල දී උද්ඝෝෂණයක නිරත වූහ.

රට වසා දමා ජනතාව සුරකින ලෙස රජයට බල කරමින් විවිධ වැකි ලියූ පෝස්ටර් ප‍්‍රදර්ශනය කරමින් ඔවුහු උද්ඝෝෂණයේ සම්බන්ධ වූහ.

අනුරාධපුර නගර සභාවේ විපක්ෂ නායක ඉන්දික අරුණ කුමාර ඇතුළු විපක්ෂ මන්ත‍්‍රීවරු පිරිසක් මෙම උද්ඝෝෂණයට එක්ව සිටියහ.

“අනුරාධපුර නගරාධිපතිවරයා ද කොවිඩ් වැළඳී රෝහල් ගත කරලා. මේ වනවිට අනුරාධපුර පමණක් නොවෙයි රටම මහ භයානක තත්වයකට පත් වෙලා.”

තවදුරටත් ජනතාවගේ ජීවිත ගැන සැහැල්ලූවට ගනිමින් රජය ජන ජීවිත සමග සෙල්ලම් නොකර වහා ම රට වසාදමා ජනතාවගේ ජීවිත ආරක්ෂා කරදෙන ලෙස ඔවුහු මෙහිදී ඉල්ලා සිටියහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස